රාජ්‍ය නිලධාරීන්ගේ නිල ඇදුම් සම්බන්ධයෙන් රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක්

Share Button

රටේ පවතින වත්මන් ආරක්‍ෂක ක්‍රියාමාර්ග හේතුකරගෙන රජයේ නිලධරයන්ගේ නිල ඇදුම් හා කාර්යාල පරිශ්‍රවලට පැමිණෙන සේවාලාභින්ගේ නිල ඇදුම් සම්බන්ධයෙන් අනුගමනය කළයුතු විධිවිධාන මාලාවක් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කරයි. මේ අනුව රජයේ නිලධරයන් රාජකාරී වේලාව තුළ ස්වකීය කාර්යාල පරිශ්‍රයට පැමිණීමේදී කලිසම හා කමිසය හෝ ජාතික ඇදුමෙන් සැරසී සිටිය යුතුය.. නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය ඇද සිටිය යුතුය. නිල ඇදුමක් හිමි හෝ නිල ඇදුම් දීමනා ලබන නිලධරයන් අනුමත නිල ඇදුමෙන් සැරසී රාජකාරියේ යෙදී සිටිය යුතුවේ. නිලධාරිනියන්ට ගර්භනී සමය තුළ සේවයට පැමිණීමේදී පහසු හා සුදුසු ඇදුමකින් සැරසී සේවයට පැමිණිය හැකිය. කිසියම් ආගමික චාරිත්‍රයකට අනුව තම ඇදුම සකස් කරගෙන සිටින නිලධරයන් වේ නම් ඔවුන් කලින් කී පරිදි එම ඇදුමෙන් සැරසීමෙන් අනතුරුව එකී ආගමික අනන්‍යතාවය තහවුරු වන ලෙස හා සම්පුර්ණ මුහුණ පැහැදිලිව හදුනාගත හැකිවන ලෙස අතිරේක ඇදුමක් භාවිත කළ හැකිය. සේවාලාභියෙකු ලෙස රජයට අයත් පරිශ්‍රයකට ඇතුඵවීමේදී හෝ රජය සපයන සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී සෑම තැනැත්තෙකුම තමන් පැහැදිලිව හදුනාගත හැකි ආකාරයේ ඇදුමකින් සැරසී පැමිණිය යුතු බවට විධිවිධාන පැනවිීමට සියඵම ආයතන ප්‍රධානීන් වගබලා ගතයුතුවේ. මීට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ආපදා කලමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ්. රත්නසිරි මහතාගේ අත්සනින් අමාත්‍යංශ සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10