තේරීම් කාරක සභාව ජාතික ආරක්‍ෂාවට අගතියක් නොවන අයුරින් කටයුතු කරන බව එහි සාමාජිකයෝ දෙදෙනෙක් පවසති

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජාතික ආරක්‍ෂාවට අගතියක් වන අන්දමින් ක්‍රියාකළ බවට නැගෙන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. එම තේරීම් කාරක සභාවට විෂයවී ඇති ඇතැම් කරුණු ඉතාමත් සංවේදීඒවා වන බැවින් වගකීමෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වෙයි. රාජ්‍ය ආරක්‍ෂාව . භෞමික අඛණ්ඩතාව හෝ ජාතික ආරක්‍ෂාවට අගතිදායක කරුණු ප්‍රසිද්ධියට පත් නොකල යුතු බව මන්ත්‍රිවරයා පැවසුවේ අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය. තේර්ීම් කාරක සභාවේ රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම යහපත් ක්‍රියාවක් වුවද එය බලවත් අභියෝගයකි. මාධ්‍යයද වගකීමෙන් ක්‍රියා කළයුතු බව මන්ත්‍රිවරයා අවධාරණය කළේය. ජාතික ආරක්‍ෂාවට හානිදායක කිසිවක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ප්‍රකාශයට පත් නොවු බව ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිවරයා සදහන් කළේය.

ජාතික ආරක්‍ෂාවට හෝ බුද්ධි අංශවලට අගතියක් නොවන ආකාරයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කටයුතු කරන බව මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා පැවසීය. එහිදී සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කරන කරුණු විකෘති නොකර පලකිරීම මාධ්‍යයේ වගකීමයි. මෙම කාරක සභාව පුර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කරයි. ඇතැමුන් මෙම කාරක සභාව පත්කිරිමට විරුද්ධදැයි තමා තුළ සැකයක් පවතින බව මන්ත්‍රිවරයා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *