ඉන්දීය අගමැතිවරයා ලබන මස 09 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනු ඇතැයි ජනාධිපතිතුමා කියයි

Share Button

ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනිදා පැවැත්වීමට නියමිත බව එතුමා සදහන් කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වයි. ඉන්දීය අගමැති නිල නිවසේදී අද පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්විනි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ලබන මස 09 වැනි දින ශ්‍රී ලංකාවේ චාරිකාවක් සදහා පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි. මෝදී මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගීවීමෙන් අනතුරුව නවදිල්ලි නුවර අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එතුමා මේ බව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දෙසැම්බර් මස 07 වැනිදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. එහෙත් කිසිම දේශපාලන පක්‍ෂයක් මේ දක්වා තම අපේක්ෂකයන් තෝරාගෙන නැත. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමා ඉක්මන් නොවන බවද එතුමා පැවසීය. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් පලකළ ජනාධිපතිතුමා තමා එය සිදුවන අවස්ථාවේ සිංගප්පුරුවේ සිටි බව කීවේය. ඉන්දියාවේ බුද්ධි අංශ අප්‍රේල් 04 වැනිදා මේ පිළිබඳ පැහැදිලි වාර්තාවක් ශ්‍රී ලංකාවට සපයා තිබේ. ආරක්‍ෂක අංශ ප්‍රධානින් අතර එම තොරතුරු හුවමාරු වුවත් අප්‍රේල් 04 සහ 16 වැනිදා අතර කාලය තුළ රටෙන් බැහැර යනතෙක් මේ පිළිබඳව කිසිම ප්‍රධානියෙකු තමාට දැනුම් දීමක් කර නොතිබු බව එතුමා පැවසීය. එසේ දැන ගැනීමට ලැබුනේ නම් තමා විදේශ සංචාරයක නොයෙදෙන බව පැවසු ජනාධිපතිතුමා මේ බරපතල අඩුපාඩුව හේතු කොටගෙන ආරක්‍ෂක හා පොලිස් ප්‍රධානීන් ඉවත් කළ බව පැවසුවේය. ත්‍රස්තවාදයෙන් වසර 30 ක් දුක්පීඩා විදි ශ්‍රී ලංකාවේ ගත වු දසවසර තුළ සාමය පැවතිනි. ඉස්ලාමීය කණ්ඩායමක් මෙම ප්‍රහාරය සිදුකොට ඇත. සෑම රටකටම හානි සිදුකරන ත්‍රස්තවාදය මැඩලීමට සියඵ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ව ක්‍රියාකළයුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදී තත්ත්වය දැන් පාලනය කොට ඇත. රටේ සාමය සහ ස්ථායිතාව පවතී. සංචාරකයන්ද ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බව ජනාධිපතිතුමා කීය.

ප්‍රහාරය එල්ල වු අව්සථාවේදී ඉන්දියාව ඇතුඵ විදේශ රටවල් ගණනාවකින් ආධාර ලැබිණ. තම රජය ශ්‍රී ලංකාවේ සියඵම පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාව තහව්ුරු කරන බව පැවසු ජනාධිපතිතුමා කිසියම් ජන කොට්ඨාශයක් ඉලක්ක කරගෙන ක්‍රියානොකරන බව පැවසීයැයි ඉන්දීය මාධ්‍ය තවදුරටත් වාර්තා කර

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *