ඉන්දීය ඇමති මණ්ඩලය නම් කෙරේ

Share Button

ඉන්දියාවේ නව විදේශ කටයුතු ඇමතිවරයා ලෙස ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන එස්. ජායිශංකර් මහතා පත්කෙරේ. ඔහු මීට පෙර පැවැති රජයේ විදේශ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. නිර්මලා සිීතාරාමන් මහත්මිය නව රජයේ මුදල් ඇමතිවරියයි. ආරක්‍ෂක ඇමති ධුරයට පත් කර ඇත්තේ රාජ්නාත් සිං මහතායි. ඔහු පැවැති රජයේ විදේශ කටයුතු ඇමතිවරයා විය. භාරතීය ජනතා පක්‍ෂයේ සභාපති අමිත් ෂා මහතා ස්වදේශ කටයුතු ඇමති ධුරයට පත්කර තිබේ. නරේන්ද්‍ර මෝදී මහතා දෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් කිරීමට මුලික වී ක්‍රියා කළ පුද්ගලයෙකු ලෙස ඔහු සැලකේ. පැවැති රජයේ විදේශ කටයුතු ඇමතිවරිය වු සුෂ්මා ස්වරාජ් මහත්මියට හා මුදල් ඇමතිවරයා වු අරුණ් පටෙල් මහතාට මෙවර ඇමති ධුර හිමිවී නැත. ඉන්දීය නව රජයේ ඇමති මණ්ඩලය සාමාජිකයන් 57 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
….
ඉක්වදෝරයේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැදවියන් 6 දෙනෙකු මරණයට පත්වී තිබේ. තවත් 14 දෙනෙක් තුවාල ලැබුහ. ගැටුම අතරතුර වෙඩි හුවමාරුවක්ද සිදුවි තිබේ. ගැටුමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පරීක්‍ෂණවලදී බන්ධනාගාරය තුළ තිබී අවිආයුධ රැසක් සොයා ගනු ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *