පසුපෙළ මන්ත්‍රිවරුන් ලෙස සිටිමින් රජය ශක්තිමත් කිරීමට තවදුරටත් කැපවන බව ඉල්ලා අස්වු මුස්ලිම් අමාත්‍යවරු පවසති

Share Button

ඇමති ධුරවලින් ඉල්ලා අස්වුවත් පාර්ලිමේන්තුවේ පසුපෙල මන්ත්‍රිවරුන් සේ සිටිමින් රජය තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වන බව ඉල්ලා අස්වු මුස්ලිම් අමාත්‍යවරු පවසති.

දැනට ආරම්භ කර ඇති පරීක්ෂණවලට කිසිඳු බාධාවක් ඇතිනොවන අන්දමට සිය ධූරවලින් ඉල්ලා අස්වු බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිවේය. පරික්ෂණ කටයුතු ඕනෑම අන්දමකින් සිදුකරන්නැයි ද ඔහු ඉල්ලීමක් කලේය

රිෂාඩ් බදියුදීන්. රාවුෆ් හකීම්. කබීර් හෂීම්. සහ ඒ එච් ඒ හලීම් යන මහත්වරු ඉල්ලා අස්වු කැබිනට් ඇමතිවරු වෙති. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු සමග ධූරවලින් ඉල්ලා අස්වු සංඛ්‍යාව 9 දෙනෙකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11