මෝදි මහතා ලබන සෙනසුරාදා සහ ඉරිදා නිල සංචාරවල

Share Button

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මාලදිවයින් ශ්‍රී ලංකා සංචාරවලදී ප්‍රථමයෙන් අසල්වැසියා යන ප්‍රතිපත්තියට මුල්තැන හිමිවන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෝදි මහතා ලබන සෙනසුරාදා සහ ඉරිදා නිල සංචාරවල යෙදේ. ඔහු දෙවනවර අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු යෙදෙන ප්‍රථම විදේශ සංචාරය මෙයයි.

ප්‍රථමයෙන් අසල්වැසියා යන ප්‍රතිපත්තිය සමග කලාපයේ සැමට ආරක්ෂාව සහ ආර්ථික වර්ධනය යන ප්‍රතිපත්තියට ද මෙහිදී විශේෂ ස්ථානයක් හිමිවෙයි. 2014 වසරේ මෝදි මහතා අග්‍රාමාත්‍ය දුරයට තේ පත්වු අවස්ථාවේදී දිවුරුම්දීමේ උත්සවයට දකුණු ආසියානු රටවල නායකයින්ට ඇරයුම් කර තිබුනි.

මේ වසරේදී බිම්ටෙක්ස් සංවිධානයේ නායකයෝ එම උත්සවයට සහභාගි වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *