ඇවන්ගාඩ් නඩුව කල් යයි

Share Button

අල්ලස් කොමිසම විසින් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති හා රත්න ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි ව ගොනු කල නඩුවේ විභාගය මහාධිකරණය විසින් ජුලි 25 වෙනිදා දක්වා කල් තැබීමට නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබිණි. විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඔහු ශල්‍යකර්මයකට භාජනය වී රෝහල් ගතව  සිටින බව අධිකරණයට දන්වා, ඒ බව තහවුරු කරන වෛද්‍ය වාර්ථා ද ඉදිරිපත් කරන ලදී. ඒ බව සැළකිල්ලට ගත් මහ අධිකරණ විනිසුරුවරයා ලබන මස 25 දක්වා නඩු විභාගය කල් දැමූ අතර සාක්ෂීකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අවවාද කර තිබේ.

පාවෙන අවි ගබඩාවක් ගාලු වරායේ පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කර ගැනීම පිණිස ඉකුත් රජය සමයේ දී විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් පිලිබඳව නිශ්ශංක යාපා සේනාධිපති මහතාට චෝදනා එල්ල කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *