රිෂාඩ්-හිස්බුල්ලා සහ අසාද් සාලි යන අයට එරෙහි පැමිණිලි විභාගයට පත්කල කමිටුවට ඊයේ වන විට ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණක් බව පොලිසිය කියයි

Share Button

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්. සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන ඒ එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි යන අයට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට ස්ථාපිත කල කමිටුවට ඊයේ වන විට ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණක් බව පොලිසිය කියයි. රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා යි.

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්. සහ හිටපු ආණ්ඩුකාරවරුන් වන ඒ එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි යන අයට එරෙහිව ඇති පැමිණිලි සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් මුලස්ථානයේ මෙම කමිටුව ස්ථාපනය කර ඇත. මුල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී පී කේ ඩී ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව ස්ථාපනය කර ඇත. අදාල පැමිණිලි ලබන 12 වනදා දක්වා පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා භාරගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11