කොට්ටාව සිට බත්තරමුල්ල දක්වා බස් රථ ධාවනය දුර්වලයි

Share Button

කොට්ටාව සිට බත්තරමුල්ල දක්වා ප්‍රමාණවත් පරිදි බස්රථ නොමැති නිසා එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව දැඩි දුෂ්කරතාවයට මුහුණදී සිටිති.

විශේෂයෙන් කොට්ටාවේ සිට බත්තරමුල්ල දක්වා ඇත්තේ මාර්ග අංක 174 බස්රථය පමණි.  එම බස්රථවලද වරකට විශාල පිරිසක් ගමන්කරන නිසා තලවතුගොඩ,පැලවත්ත ස්ථානවලින් ඊට ඇතුඵවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අවස්ථාව බොහෝවිට නොලැබී යන බව මගිහු කියති.

පාසල් සිසුන්ද පත්ව ඇත්තේ දැඩි පීඩනයකටය.  මීට පෙර තලවතුගොඩින් බස්රථ ආරම්භ වුවත් මේ වනවිට එය අත්හිටුවා තිබේ. තලංගම ඩිපෝවේ කළමනාකාරතුමනි බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමනි මේ ඔබලාගේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *