ලුණුගම්වෙහෙර ජලාශයට මත්ස්‍ය පැටවුන් 60,000 ක් මුදා හැරේ
ජලාශ ආශ්රිත ධීවර කර්මාන්තය නඟා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ ලුණුගම්වෙහෙර ජලාශයට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම ඊයේ (25) දින සිදු කෙරුණේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙහි පළමු පියවර වශයෙන් කැට්ලා, රෝෂු සහ කාෆ් යන ආහාරයට ගන්නා මත්ස්‍ය පැටවුන් 60,000 ක් ජලාශයට මුදා හැරුණා. මේ ව්‍යාපෘතිය යටතේ ලුණුගම්වෙහෙර ජලාශයේ තැන්පත් කිරීමට නියමිත මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව ලක්ෂ තුනකි. මෙමඟින් රට මැද ජනතාවගේ මත්ස්‍ය ඉල්ලුම සපුරාලීම, ගුණාත්මක බවින් ඉහළ සහ අලුත් මාළු මිලදී ගැනීමට එම පළාත්වල ජනතාවට අවස්ථාව උදා වනු ඇත.