රට තුළ නිදහස් හා සාමකාමි වාතාවරණයක් නැවත ස්ථාපිතවී ඇතැයි යුද හමුදාපතිවරයා පවසයි

Share Button

රට තුළ නිදහස් හා සාමකාමි වාතාවරණයක් නැවත ස්ථාපිතවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. රටේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ සමත්වු බව හෙතෙම පෙන්වා දෙයි. යුද හමුදාවේ ගුවන් සංක්‍රමණික බල සේනාවට වසර 25 ක් පිරීම හා මානුෂිය මෙහෙයුම අවසන්වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරාශ්‍රයේ පැවති රණවිරුවන්ගේ පාගමනේ සමාප්ති උත්සවයට අද එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව කීවේය. මෙම පාගමන ඉකුත් 29 වැනිදා මැදවච්චියෙන් ආරම්භ විය. දින 11 ක් පැමිණි පාගමන නිසා රටේ ජනතාවට ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරුවු බවත් එය ජනජිවිතය සාමාන්‍ය අතට පත්වීමට හේතුවක් වු බවත් හෙතෙම පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *