මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවිම අගෝස්තු මස 02 වැනිදා

Share Button

මෙවර මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සිව් මහා දේවාලවල සුබ නැකතින් කප් සිටුවිම ලබන අගෝස්තු මස 02 වැනිදා ඇරඹෙයි. නාථ . විෂ්ණු. පත්තිනි හා කතරගම දේවාලවල අභ්‍යන්තර පෙරහර පැවැත්විමෙන් පසු අගෝස්තු 05 වැනිදා පළමු කූඹල් පෙරහර විදි සංචාරය කිරිමට නියමිතයි.

දින පහක් කුඹල් පෙරහර විදි සංචාරය කරන අතර. රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරිම ඇරඹෙන්නේ අගෝස්තු 10 වැනිදායි. අගෝස්තු 14 වැනිදාට යෙදි ඇති නිකිණි පුරපසළොස්වක පොහොය දින වන අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර පසුදා අලුයම ගැටඹේ තොටේදි දියකැපුම් මංගල්‍යය පැවැත්වෙ.

අගෝස්තු 15 වැනිදා දහවල් පෙරහර විදි සංචාරය කෙරෙන අතර. පෙරහර සාර්ථකව නිම වූ බව සදහන් සංදේශය දියවඩන නිලමේවරයා එදින පස්වරුවේ ජනාධිපතිතුමා වෙත භාරදිමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි.

මහනුවර ශ්‍රි දළදා මාළිගයේ ඊයේ පැවති සාකච්ඡාවකදි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙම තොරතුරු අනාවරණ කළේය. මෙවර ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *