ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය සියයට 500 කින් නැංවිමට පියවර

Share Button

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය සියයට 500 කින් වැඩිකරන බව ඇමති රවී කරුණානායක මහතා පවසයි. එහි දායකත්වය තවත් වසර දෙකකින් මෙගාවොට් දෙදහසක් දක්වා වැඩි කෙරේ. පාරිභෝගිකයා මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයත් ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරිම වැදගත්ය.

ඉදිරියේදි අලුත් ප්‍රතිපත්තියක් යටතේ මේ සඳහා ක්‍රියාමාර්ග ගැනේ. ඔරුගොඩවත්තේ සුර්ය විදුලිබලාගාර නිෂ්පාදන ආයතනයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවේ ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරපත් වන අපේක්ෂකයා පිළිබඳව මේ වන විට නොයෙක් මත ප්‍රකාශ වෙමින් තිබෙන බවයි. එහෙත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේ ඉදිරිපත් කිරීමට සුදානම් බව ඔහු කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *