සංචාරක වීසා මගින් කාන්තාවන් ඩුබායි හි රැකියා සදහා යැවීමට ක්‍රියාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share Button

සංචාරක වීසා යොදා ගනිමින් නීති විරෝධි අන්දමින් ඩුබායි හි රැකියා සදහා කාන්තාවන් යැවීමට තැත්කළ උප ඒජන්තවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු සංචාරක වීසා මගින් රැකියා සදහා යැවීමට හලාවත හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචි කාන්තාවන් සිව්දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් ලබාගෙන තිබේ. ඔහු විසින්ම කාන්තාවන් ඩුබායි රාජ්‍යයට ගෙන ගොස් රැකියාවල යොදවන බව විමර්ශනවලදී හෙලි විය. සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුනු අතර වරද පිළිගෙන අයකරගත් මුදල් නැවත රැකියා අපේක්ෂකයින්ට දීමට එකගවු බැවින් රුපියල් දසදහසක මුදල් ඇපයක් හා පුද්ගල ඇප දෙකක් මත ඔහු නිදහස් කෙරින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *