මේ වසරේ මුල් මාස තුන තුළ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ වශයෙන් රුපියල් කෝටි 100 ක්

Share Button

මේ වසරේ මුල් මාස තුන තුළ අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ වශයෙන් රුපියල් කෝටි 100 කට අධික මුදලක් ගෙවා ඇතැයි ජාතික රක්ෂණ භාරයේ ප්‍රධාන විධායක නිලධාරි සනත් ජී. ද සිල්වා මහතා කියයි. මේ වනවිට ලක්ෂ හතරකට අධික රාජ්‍ය සේවක පිරිසක් අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ ලබති. 2016 න් පසුව විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ට ද අග්‍රහාර රක්ෂණාවරණය හිමිවෙයි. එම වසරට පෙර විශ්‍රාම ගත් අය සදහා ද එම රක්ෂණාවරණය ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු සදහන් කරයි. රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවකයන් ද අග්‍රහාර රක්ෂණයට දායක කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. පෞද්ගලික අංශයේ සේවකයන්ද ඊට දායකකර ගැනීම ජාතික රක්ෂණ භාරයේ අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *