පොසොන් උත්සවය ඉතා ඉහළින් සැමරීම මගින් රට පිළීබඳ යහපත් චිත්‍රයක් ලෝකයට පෙන්වීමට හැකියාව ලැබුණ බව අගමැති කියා සිටී.

Share Button

පොසොන් උත්සවය ඉතා ඉහළින් සැමරීමට ශ්‍රීලංකාවාසී ජනතාවට හැකියාව ලැබුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. වෙනදා පොසොන් උත්සවයට මුල්තැනක් නොදෙන ප්‍රදේශද පොසොන් උත්සවය හා එක්ව සිටියේය. මෙහිදී මහා සංඝරත්නය ලබාදුන් නායකත්වයට ගෞරවය පිරිනැමේ. එමෙන්ම රජයේ මැති ඇමතිවරු. නිලධාරීන්. විදුහල්පතිවරුන්. රාජ්‍ය හා පුද්ගලික ආයතන ලබාදුන් සහයෝගයද විශිෂ්ටය. රටපුරා ජනතාව භේදයකින් තොරව මේ සදහා එක්වීමෙන් රට පිළිබඳ යහපත් චිත්‍රයක් ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබුණි. ඇසල පෙරහර උත්සවයද වෙනදාට වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතුය. ඒ පිළිබඳව මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ සමගත් දියවඩන නිලමේතුමා සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *