වර්ෂාව හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් රක්‍ෂණ සමාගම් අර්බුදයක

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අද නොටින්හැමි හිදී පැවැත්වේ. මේ වනවිට ඕස්ට්‍රේලියාව තරගාවලියේ 3 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය 5 වැනි ස්ථානයේ සිටී.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වර්ෂාවෙන් ඇති වු බාධා නිසා තරග රක්‍ෂණය කළ සමාගම්වලට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. මේ නිසා පවුම් මිලියන ගණනක රක්‍ෂණාවරණ ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තාවෙයි. තරගයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම හෝ වර්ෂාව නිසා ඇතිවන බාධා නිසා රක්‍ෂණාවරණ ලබාගෙන තිබුණි. මේ යටතේ වර්ෂාවෙන් සිදුවු බලපෑම වෙනුවෙන් රූපවාහිනි තරග විකාශන ආයතන. ආහාර සැපයු ආයතන. අනුග්‍රාහක දැන්වීම්කරුවන්ට වන්දි මුදල් ලබාදීමට සිදුවනු ඇතැයි වාර්තාවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *