සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම්වල පරිපාලන ව්‍යුහයේ කිසිඳු වෙනසක් නොවන බව නවින් දිසානායක ඇමතිවරයා කියයි.

Share Button

ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරිමේ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 22 කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 69 ක් පමණි. එක්සත් ජාතික පෙරමුණ පනතට පක්ෂවත්. ඒකාබද්ධ විපක්ෂය පනතට විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කලේය.
් සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම්වල පරිපාලන ව්‍යුහයේ කිසිඳු වෙනසක් නොවන බවට තමා වෘත්තිය සමිතිවලට දැන්වු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා එහිදී ප්‍රකාශ කලේය. මෙම පනත පවතින තෙක් රටේ ඕනෑම සමාගමක් පවරා ගතහැකි නිසා මෙම පනත අහෝසි කරන බව ඔහු පැවසීය. පවුල් විසිදහසක් පමණ මෙම සමාගම් වලින් යැපෙති. එම නිසා ඔවුන්ගේ ජීවිතවලට බලපෑමක් වන කිසිවක් සිදු නොවන බව දිසානායක මහතා පැවසීය. එම ආයතන දෙක වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා භාණ්ඩාගාරය යටතේ පවතින බව ද ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11