පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ට රුපියල් කෝටි 23 කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවා අවසන්

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන් සදහා කෝටි 23 කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයි හානි පුර්ණය සදහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා කියයි. මියගිය 184 දෙනෙකු වෙනුවෙන් රුපියල් දහඅට කෝටි දසලක්ෂයකට ආසන්න මුදලක් පිරිනමා තිබෙ.් තුවාල ලැබුවන් 481 දෙනාගෙන් 387 දෙනෙකුටම මේ වනවිට වන්දි ගෙවා අවසන්ය. ගෙවා ඇති මුදල රුපියල් හාරකෝටි අනුලක්ෂයකි. මියගිය විදේශිකයන් 43 දෙනා සදහා මෙතෙක් කිසිදු වන්දි ඉල්ලිමක් ඉදිරිපත් වී නැත. ගැටඵ පවතින අයගේ වන්දි ඉල්ලිම් වෙන වෙනම පරීක්ෂා කර ඔවුන්ට ද වන්දි පිරිනමන බව අධ්‍යක්ෂවරයා පැවසිය. තුවාල ලැබුවන්ගේ වෛද්‍ය වාර්තාවල පවතින ගැටඵ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරිමේ අවස්ථාව පවති. එම අභියාචනා සලකා බලා ඔවුන්ටද සාධාරණ වන්දියක් ලබාදෙන බව අධ්‍යක්ෂවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *