විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාල කඩඉම් ලකුණු නිකුත් කිරිම ලබන මාසයේ

Share Button

2019 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනිමේ කඩඉම් ලකුණු ලබන මාසයේ නිකුත් කිරිමට හැකිවනු ඇතැයි වැඩබලන උසස් අධ්‍යාපන ඇමති ලකී ජයවර්ධන මහතා පවසයි. පාස්ක ඉරිදා ප්‍රහාරය සමග විශ්ව විද්‍යාල වැසිමට සිදුවිමෙන් ප්‍රායෝගික හා යෝග්‍යතා පරීක්ෂණ පැවැත්විම ප්‍රමාද විය. මේ නිසා කඩඉම් ලකුණු නිකුත් කිරිම ප්‍රමාද විය. විශ්ව විද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් නොකිරිම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩබලන ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මුදල් පාලනය පිළිබඳව පාර්ලිමේන්තුවට ඇති වගකිම නිසිලෙස ඉටු කිරිම මෙ වාර්තාවෙන් පෙන්නුම් කරනබව ඔහු පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *