ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ඉන්දියාවට හා එංගලන්තයට ජය

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති 29 වන තරගයෙන් ලකුණු පහක තියුණු ජයක් ලැබීමට නවසීලන්තය සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුඵ 8 ක් දැවී ලකුණු 291 ක් රැස් කළේය. කේන් විලියම්සන් ලකුනු 148 යි. රොස් ටේලර් 69 යි. බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ෂෙල්ඩන් කොට්රෙල් කඩුඵ 4 ක් බිදහෙලීය. දෙවනුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්පිලට හැකිවූයේ පන්දුවාර 49 ක් අවසානයේ සියඵ දෙනා දැවී ලකුනු 286 ක් රැස්කිරීමට පමණි. කාලෝස් බ්‍රත්වේට් ලකුණු 101 යි. සිම්රන් හෙට්යර් ලකුණු 54 යි. නවසීලන්ත පිල වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුඵ 4 ක්ද ලොකී ෆර්ගියුසන් කඩුඵ 3 ක්ද බිද ගෙලීය. කේන් විලියම්සන් තරගයේ වීරයායි.
මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පැවැත්විණ. ඒ ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගයයි. තරගය ලකුණු 11 කින් ජය ගැනිමට ඉන්දියාව සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය පිල නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුඵ අටක් දැවී ලකුණු 224 ක් රැස් කලේය. විරාත් කෝලී ලකුනු 67 යි . කෙදාර් ජාදව් ලකුණු 52 යි. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ගුල්බදීන් නයිබ් සහ මොහොමද් නාබි කඩුඵ දෙක බැගින් බිද හෙලූහ. දෙවනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිල පන්දුවාර 49 යි පන්දු පහකදී සියඵ දෙනා දැවී රැස්කළේ ලකුණු 213 ක් පමණි. ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සමී කඩුඵ 4 ක් දි හෙලීය. ඔහු අවසන් පන්දුවාරයේදී එකවර කඩුඵ ත්‍රිත්වයක් ලබා ගැනීම විශේෂත්වයයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා තරගයේ විරයායි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11