ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Share Button

ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ ජාතික රෝහලේ දී අද පස්වරුවේ අභාවප්‍රාප්ත වනවිට 82 වන වියේ පසුවුවාය. ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රචාරය වු කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ සරස්වතී මණ්ඩපය වැඩසටහනට ඉන්ද්‍රානි විජේබණ්ඩාර නමින් ළමා ගායිකාවක ලෙස ඇය සංගීත ක්‍ෂේත්‍රයට පිවිසියාය. ඇය දශක 6 කට කාලයක් සිය රසිකයන් පිනවා තිබේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු අධ්‍යක්ෂණය වන රේඛාව චිත්‍රපටයේ පසුබිම් ගායනයට ඉන්ද්‍රානි සේනාරත්න මහත්මියට අවස්ථාව ලැබිණ. ඉන් අනතුරුව ප්‍රවේශම් වෙන්න . හඳපාන . සෙනෙහස . සුදු සඳේ කඵ වලා ඇතුඵ චිත්‍රපට රැසකට ඇය පසුබිම් ගායනයෙන් ද සම්බන්ධ වුවාය. ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවකි. ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු හා ගායන ශිල්පියෙකු වු අභාවප්‍රාප්ත සිසිර සේනාරත්න මහතා ඇයගේ සැමියායි. ඔවුන් දෙදෙනා එක්ව සිසින්ද්‍රා නමින් විදේශයන් හි සංගීත සංදර්ශන රැසක් පවත්වා තිබේ. ඉන්ද්‍රනි සේනාරත්න මහත්මියගේ අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10