ඉතියෝපියාවේ යුද හමුදා ප්‍රධානියා වෙඩි තබා ඝාතනය කෙරේ

Share Button

ඉතියෝපියාවේ යුද හමුදා ප්‍රධානිී ජනරාල් සියාරි මෙකොනන් මහතා වෙඩි තබා ඝාතනය කෙරේ. අඩිස්අබාබා අගනුවරදී වෙඩි තැබීම සිදු විය. උතුරුදිග අම්හාරා ප්‍රදේශයේ කුමන්ත්‍රණයක් මැඩපැවැත්වීමට ගත් උත්සාහයක දී ඔහුට වෙඩි වැදිනි. තවත් හමුදා නිලධාරියෙක් ද මරණයට පත් විය. අම්හාරා ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ද එලෙසම වෙඩි පහරින් මරණයට පත්ව තිබේ. අම්හාරා ප්‍රදේශයේ පසුගිය වසර කිහිපය පුරා වාර්ගික ගැටුම් පවතී.
===
එක්සත් ජනපද නියෝජිතයන් හා ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානය අතර සාකච්ඡා වටයක් ලබන සෙනසුරාදා පැවැත්වේ. මෙවර එම සාකච්ඡා පැවැත්වෙන්නේ 7 වැනි වතාවටයි. ඇමරිකාව .2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්ථානයට මුල් වරට හමුදා භට පිරිස් යැවීය.
====
තුර්කියේ ස්තාන්බුල් නගරවාසීහු නව නගරාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සදහා අද ඡන්දය ප්‍රකාශ කරති. පසුගිය මාර්තු මාසයේ පැවති ඡන්ද විමසීමේ දී විපක්ෂයේ අපේක්ෂක එක්රම් ඉමාමෝගුලු මහතා ජයග්‍රහණය කළේය. ඡන්ද විමසීමේ දී දුෂණ සිදු කළ බව පවසමින් තුර්කි රජය එම ප්‍රතිඵල අවලංගු කළේය. කෙසේ වෙතත් මෙවරද විපක්ෂයේ අපේක්ෂකයා ජයගනු ඇතැයි මත පළවි තිබේ. එය ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගාන් මහතාට බලවත් පසුබෑමක් වනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11