ක්‍රිකට් ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ තරග ජය පාකිස්ථානට

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝඩ්ස් පිටියේදී ඊයේ පැවති තරගය ලකුණු 49 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 308 ක් රැස්කලේය. හාරිස් සොහේල් ලකුණු 89 යි. ලකුණු 309 ක ඉලක්කයක් සමගින් පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුඑ 9 කට ලබාගත හැකි වූයේ ලකුණු 259 ක් පමණි. ෆැෆ් ඩු ප්ලෙසිස් ලකුණු 63 ක් රැස් කළේය. වහාබ් රියාස් සහ ෂදාබ් ඛාන් කඩුඑ 3 බැගින් දවා ගත්හ. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වෙනි ස්ථානය දක්වා පැමිණීමට පාකිස්ථානයට හැකි වී තිබේ. නවසීලන්තය. ඕස්ට්‍රෙලියාව සහ ඉන්දියාව පිළිවෙලින් පළමු. දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසුවෙයි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ පස්වෙනි ස්ථානයයි. තරගාවලියේ තවත් තරගයක් ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර සදම්ප්ටන්හිදී අද පැවැත් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11