නාලක සිල්වා මහතාට එරෙහිව නඩුව ලබන ඔක්තෝබර් 2

Share Button

ජනාධිපතිවරයා . හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් අධිකාරිවරයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ඔක්තෝබර් 2 වැනිදා කැදවන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. දැනට ඇප මත සිටින සැකකාර නාලක සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති නඩුව අද කැඳවු අවස්ථාවේ මෙම නියෝගය කෙරුණි. මෙහි නඩු ගොනුව නීතිපති උපදෙස් සදහා නීතිපතිවරයාට යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැන්වීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *