වසීම් තාජුඩින් ඝාතනයවු දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන පිළිබඳ පුඵල් විමර්ශන

Share Button

රග්බි ක්‍රිඩක වසීම් තාජුඩින් ඝාතනයවු දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන කිහිපයක් පිළිබඳව තොරතුරු ලැබි තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැන්වීය. එහිදී එම දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය හමුවේ පැවසුවේ එම වාහන සම්බන්ධව පුඵල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙම සිද්ධියේ දෙවන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය. තුන්වන සැකකරු වන කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරේ. පලමු සැකකරු ලෙස නම්කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා නිදොස් කර නිදහස් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. නඩුව ඔක්තෝම්බර් මස 31 වැනිදා නැවත කැදවීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *