ථුපාරාමය .මිරිස්සවැටිය. හා අභයගිරියේ සංරක්‍ෂණ කටයුතු හෙට ඇරෙඹ්

Share Button

අනුරාධපුර ථුපාරාමය. මිරිසවැටිය සහ අභයගිරිය පුරා විද්‍යාත්මක පරිශ්‍ර සංරක්‍ෂණ කිරීමට පියවර ගැනේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු හෙට අනුරාධපුරයේදී ඇරඹෙයි. ථුපාරාම පහත මඵවේ හා මිරිසවැටිය උතුරු වාහල්කඩේ සංරක්‍ෂණ සංවර්ධන කටයුතු හා මිරිසවැටිය ස්ථුපයේ පිටත ප්‍රාකාරයේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීම ඒ යටතේ සිදුකෙරේ. අභයගිරිය විහාරයේ නව දානශාලාව සදහා මුල්ගල තැබීමද හෙට සිදුවේ. අනුරාධපුර අටමස්ථානාධිපති අතිපුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස ස්වාමින්වහන්සේගේ හා ථුපාරාම විහාරාධිකාරී පුජ්‍ය කහල්ලේ ඥාණින්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *