මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් පළාත් මට්ටමින් සාර්ථකව ක්‍රියාවට නැංවේ

Share Button

මතින් නිදහස් රටක් තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවූ බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ කුමුදුනී ජයතිලක මහත්මිය පවසයි. එහි අවසන් වැඩසටහන බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාවට නංවන බව ඇය පැවසුවේ අද පෙරවරුවේ ජාතික ගුවන්විදුලියේ ඇතුළ් පැත්ත වැඩසටහනට එක්වෙමිනි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට ලබාදෙන ප්‍රතිකාරවලට අමතරව ඔවුන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුකරන බව ඇය සදහන් කළාය. ……………..
වැඩසටහනට එක්වු පොලිස් මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රජීව මැදවත්ත මහතා පැවසුවේ පවතින නීතිරීති නිසිපරිදි යොදාගත යුතු බවයි. එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හේතුවෙන් ගමක් හා රටක් වැනසෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කළයුතු බව ඔහු පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය පිළිබඳ ඕනෑම තොරතුරක් දුරකථන අංක 1984 ට හෝ 071 859 26 21 වෙත ලබාදෙන ලෙසද ඔහු එහිදී ඉල්ලීමක් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *