ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ඔස්ට්‍රේලියාවට හා පකිස්ථානයට ජය

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලීඩ්ස් හි පැවති 36 වන තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදවා කඩුඵ 3 ක ජයක් වාර්තා කිරීමට පකිස්ථානය ඊයේ සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන පිල නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුඵ 9 ක් දැවී ලකුණු 227 ක් රැස් කළේය. සහීන් ෂා අෆ්රීඩී පකිස්ථාන පිල වෙනුවෙන් කඩුඵ 4 ක් බිද හෙලීය. දෙවනුව පන්දුවට පහර දුන් පකිස්ථාන පිල පන්දුවාර 49 යි පන්දු 4 ක් අවසානයේ කඩුඵ 7 ක් දැවී තිබියදී ජය වාර්තා කිරීමට සමත් විය. පකිස්ථාන පිල වෙනුවෙන් නොදැවී ලකුණු 49 ක් රැස්කල ඉමාද් වසීම්බ තරගයේ වීරයායි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති 37 වන තරගයෙන් නවසීලන්තය පරදවා ඔස්ට්‍රේලියාව ලකුණු 86 ක ජයක් වාර්තා කරයි. මුලින්ම පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුඵ 9 ක් දැවී ලකුණු 243 ක් රැස් කළේය. උස්මාන් කවාජා ලකුණු 88 යි. නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුඵ 4 ක් බිදහෙලීය. දෙවනුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල පන්දුවාර 43 යි පන්දු 4 කදී සියඵ දෙනා දැවී රැස් කළේ ලකුනු 157 ක් පමණි. ඔස්ට්‍රේලියාවේ මිශෙල් ස්ටාක් කඩුඵ 5 ක් බිදහෙලීය. ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ලකුණු 71 ක් රැස් කල ඇලෙක්ස් කැරෙයි තරගයේ වීරයා විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11