වෙලද යුද්ධය නිමා කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ඇමරිකාව සහ චීනය සූදානම්

Share Button

වෙලද යුද්ධය නිමා කිරීම සදහා ද්වීපාර්ශවීය එකගතා මත සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව චීන සහ ඇමරිකානු නායකයෝ පවසති. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් ජපානයේ පැවති ජී විස්ස සමුඵවේදී මීට අදාල ගිවිසුම පිලිබද සාකච්ඡාවකට එලඹ තිබේ. චීනයේ හුවාවේ ජංගම දුරකථන අලෙවිය සදහා ඇමරිකානු රජයෙන් අවරයක් අවශ්‍ය බවට පනවා තිබූ තහනමද ඉවත් කල බව ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. චීනයේ භාණ්ඩ සම්බන්ධයෙන් පනවා තිබූ වෙලද සම්බාධක කිහිපයක් අත්හිටුවීමට කටයුතු කරන බවද ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
=====
උෂ්ණත්වය ඉහල යාමෙන් යුරෝපාකරයේ රටවල් රැසක් දැඩි අර්බුධයකට ලක්වේ. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ නගර කිහිපයක මෙන්ම නෙදර්ලන්තයේද ප්‍රදේශ රැසකට ඉහල උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් දෛනික කටයුතු ද ඇණහිට ඇත. බ්‍රිතාන්‍යයේ බටහිර කලාපයට වැඩිම බලපෑමක් එල්ල වී තිබේ. ප්‍රංශයේ පැරිස් නුවර පාසල් වසා දැමීමට සිදුව ඇති අතර ස්පාඥ්ඥයේ නාගරික ප්‍රදේශයවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහල ගොස් ඇත.
=====
ගැබ්ගෙල පිලිකා සදහා සාර්ථක එන්නතක් සොයා ගැනේ. එච් පී වී නම් මෙම එන්නත් ඖෂධය පැපිලෝමා වෛරසයට ඉතා සාර්ථකව ප්‍රතිචාර දක්වන බව බ්‍රිතාන්‍ය සමීක්ෂණ විද්‍යාඥ වාර්තා පෙන්වා දෙයි. මේ වන විට ලොව පුරා කාන්තාවෝ මිලියන හැටකට ආසන්න පිරිසක් ගැබ්ගෙල පිලිකාවලට ගොදුරුව සිටිති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11