කංජිපානි ඉම්රාන් දින අනූවක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඉල්ලීමක්

Share Button

මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා තවත් දින අනූවක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කල බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දෙයි . සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන කංජිපානි ඉම්රාන් නමැත්තා විදෙස් රටවල් රැසක සිට ද මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙහෙයුම් සදහා සම්බන්ධ වූ බවට තොරතුරු ලැබී තිබේ. සැකකරු මහේස්ත්‍රාත් නිරික්ෂණ සදහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජනා ද සිල්වා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදී දින අනූවක් යලි රදවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාදී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11