තනතුරේ රැදි සිටියදි උතුරු කොරියාවට පා තැබු ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉතිහාසයට එක්වෙයි

Share Button

තනතුරේ රැදි සිටියදි උතුරු කොරියාවට පා තැබු ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉතිහාසයට එක්වෙයි. උතුරු හා දකුණු කොරියා අතර පිහිටි යුද මුක්ත කලාපයේදි ට්‍රම්ප් මහතා අද උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමු විය. එහිදි නායක දෙපළ අතට අත දී එකිනෙකාට සුබපැතුම් පිරිනැමුහ. ඉන් අනතුරුව පැයක පමණ කාලයක් ඔවුන් අතර සාකච්ඡා පැවැත්විණි . දැනට අඩාල වි ඇති සාකච්ඡා යලි පණගැන්විම සදහා අවශ්‍ය මූලික කොන්දේසි සකස් කිරිමට දෙරටම එහිදි එකගත්වය පළ කර තිබෙ.් අමෙරිකානු උතුරු කොරියානු නායකයන් අතර මිට පෙර වියට්නාමයේදි පැවති සමුඵව එකගතාවකින් තොරව අවසන් විය.
——
පසුගිය දින කිහිපය පුරා යුරෝපයේ පැවති උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ අවම වනු ඇති බවට කාලගුණ අනාවැකි පළවෙයි. ප්‍රංශයට හා ස්පාඤ්ඤයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ලැව්ගිනි හටගෙන තිබෙ.්. සීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගිනි මැඩලිම සදහා ගිනිනිවන භටයන් 700ක් පමණ ප්‍රංශයේ නගර කිහිපයක යොදවා ඇත. ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට වාර්තා වි ඇති මරණ සංඛ්‍යව 05 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11