රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන බදාදා ඇරඹේ

Share Button

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන බදාදා ඇරඹේ. අවසන් පෙරහර ඇසල පුර පසලොස්වක පොහොය යෙදෙන ලබන 16 වැනිදා වීදි සංචාරය කරන අතර පසුදා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. මෙවර ඇසල පෙරහර මංගල්‍යය සදහා පැමිණෙන බැතිමතුන් සදහා සියලු පහසුකම් සලසා ඇතැයි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල්රංග මහතා කියයි. බැතිමතුන් වෙනුවෙන් කතරගම පුද බිම ඇතුඵ නගරයේ බත් දන්සැල් 10 කට ආසන්න සංඛ්‍යාවක් පුරා දින 15 ක් පැවැත්වෙන බව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා කියයි. මහා දේවාලය සංවිධාන කරන බත් දන්සැල දේවාලය ඉදිරිපිට දී දිවා රාත්‍රි පැවැත්වෙයි. කතරගම ඇසල පෙරහර මංගල්‍යය සදහා පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට යාල හා කුමන වනෝද්‍යානවලට ඇතුඵ විමට අවසර ලබාදී තිබේ. ඔවුන්ගේ පහසුව උදෙසා ජල ටැංකි රැසක් ස්ථාන ගත කර ඇති අතර ආරක්ෂාව සදහා යුද හමුදාව සහ වනජිවි නිලධාරීන් දිවා රාත්‍රි සේවයේ නිරතව සිටින බව මොණරාගල දිසා ලේකම් පද්මා කුලසුරිය මහත්මිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *