අ. පො. ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට ඇමති මණ්ඩලය අනුමැතිය

Share Button

අ. පො. ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට ඇමති මණ්ඩලය අනුමැතිය හිමි වූයේ එය පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. දිවයිනේ සියලුම පාසල්වල අ. පො ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව ඇමති මණ්ඩලයට පළමු වරට ඉදිරිපත් කෙරුණේ 2017 දීය. අධ්‍යාපන අමාත්‍යංශය යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ ව්‍යාපෘතිය දීපව්‍යාප්ත මට්ටමින් එකවර ආරම්භ කිරීම නුසුදුසු බවටත් . එය ජාතික පාසල් කිහිපයක නියමු ව්‍යාපෘතියක් ලෙස පළමුවෙන් ආරම්භ කළ යුතු බවටත් ජනාධිපතිතුමා නිර්දේශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. විශේෂයෙන් අත්‍යවශ්‍ය විෂය මාලා කරුණු හැර මෙම ටැබ් පරිගණකය මගින් වෙනත් අන්තර්ජාල අවකාශයන්ට පිවිසීම වැලැක්විය යුතුය යන්න ජනාධිපතිතුමාගේ යෝජනාව විය. අධ්‍යාපන කටයුතුවලින් පරිබාහිර වෙනත් කටයුතුවලට පිවිසීමේ හැකියාව වලක්වාලමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබා දෙන බව ඒ අනුව ඇමති මණ්ඩලයට දැනුම් දී තිබිණි. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කෙරිණි. දීපව්‍යාප්ත මට්ටමින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සදහා රුපියල් කෝටි 550 ක මුදලක් වෙන් කර තිබිණි. ජනාධිපතිතුමාගේ යෝජනාව වුයේ එම මුදලින් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබා ගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල අඩුපාඩුව පවතින පාසල් උපකරණ මිලදී ගැනීමට යොදවන ලෙසයි. නියමු ව්‍යාපෘතිය සදහා අවශ්‍ය මුදල කොපමණද යන්න නිශ්චිතව සදහන් කළ යුතු බවද ජනාධිපතිතුමා සදහන් කර තිබිණි. ඒ අනුව අදාල ව්‍යාපෘතිය සදහා 2017 දී කැඳවු ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස් විය යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි. පාසල් දරුවන්ට නවීන තාක්ෂණය සමග දැනුම ලබාදිම අතශ්‍යවශ්‍ය වුවද දරුවන්ගේ විනය හා මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය යුතුය යන්න ජනාධිපතිතුමාගේ අදහසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *