අනාගත පරපුර මත් උවදුරින් බේරාගෙන යහපත් සමාජයකට – ජනපති

Share Button

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සියලු පාර්ශ්වවල සහාය පතයි. අනාගත පරපුර මත් උවදුරින් බේරාගෙන යහපත් දේශයක් ගොඩනැංවීමට අනිවාර්යයෙන්ම එම වැඩපිළිවෙල සාර්ථක කර ගත යුතු බව එතුමා පැවසුවේ මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්ති සමුඵවට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි අද පෙරවරුවේ එක් වෙමිනි.
. මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි නීති ගෙන ආ යුතු බව පවසන පිරිස් ඒවා මර්දනයට ගෙන යන වැඩපිළිවෙලට අවශ්‍ය සහාය ලබා නොදෙන බව ජනාධිපතිතුමා පැවසීය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට මරණිය දණ්ඩනය ලබාදිමට එරෙහි වන පිරිස් මත්ද්‍රව්‍ය මැඩලිමට හදුන්වා දෙන වැඩපිළිවෙල කුමක්දැයි එතුමා ප්‍රශ්න කළේය. මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිමට තමා අත්සන් තැබුවේ අනාගත පරපුරේ හා දුක් විඳින ජනතාවගේ යහපත පිළිබඳව අවධානය යොමු කරමින් බව ජනාධිපතිතුමා සදහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබා දෙන බව ප්‍රකාශ කිරීමත් සමග මත්ද්‍රව්‍ය අලෙවියේ හා ජාවාරම්වල කිසියම් අඩුවක් වාර්තා වෙයි. මත්ද්‍රව්‍ය හේතුවෙන් රටට සිදුවී ඇති විනාශය පිළිබදව තමා එක්සත් ජාතිීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළ බවද ජනාධිපතිතුමා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *