විදුලිබල අමාත්‍යාංශයෙන් සහන මිලට එල්. ඊ.ඩි විදුලි පහන් ලබාදීමේ වැඩසටහනක්

Share Button

සහන මිලට එල්. ඊ.ඩි විදුලි පහන් ලබාදීම දැන් සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ එම වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි. ඉදිරියේදී මොණරාගල දිස්ත්‍රික්කය සදහා එය ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා පවසයි. නිවසක විදුලි පාවිච්චිය මාසිකව ඒකක 90 ක මට්ටමක පවත්වාගෙන යන විදුලි පාරිභෝගිකයන්ට මෙම සහනය හිමිවෙයි. එක් නිවසකට විදුලි පහන් 3 බැගින් ලබාදෙන අතර ඊය වැයවන මුදල විදුලි බිල්පතෙන් අයකර ගැනේ.
දැනට පවතින වියළි කාලගුණය නිසා ජල විදුලි නිෂ්පාදන බලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටම් සියයට 25 දක්වා අඩුවී ඇතැයි ජයවර්ධන මහතා සදහන් කරයි. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *