හෙරොයින් සමග සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට

Share Button

හෙරොයින් සමග සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. රත්මලාන ප්‍රදේශයේදී හා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට හා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මන්නාරම තලෙයිමන්නාරම මාර්ගයේ තාරපුරම් ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් එක් අයෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙන බවද පොලිස් මුලස්ථානය කියයි. මියගිය තැනැත්තා 23 හැවිරිදි වියේ පසුවිය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තංගල්ලේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. ඊයේ සවස නාවිකයන් සහ තංගල්ල පට්ටියපොල පොලිස් විශේෂ කාර්යය බලකායට අනුයුක්ත නිලධාරීන් සිදුකළ සෝදිසි කිරීමකදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කදුරුපොකූණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මත්ද්‍රව්‍ය බෙදා හරින ජාවාරම්කරුවෙකු බව අනාවරණ වී ඇත. ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රුම් 205 ක්ද හමුවී ඇත.

හලාවත. මාදම්පේ පොලිස් වසමට අයත් මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කිරීමේ ස්ථානයක අද අලුයම ඇති වු ගින්නකින් ලොරි රථයක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ. තවත් ලොරි රථ දෙකකට සුඵ හානි සිදුව ඇත. ගින්න පාලනය කිරීම සදහා පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව මාදම්පේ පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *