ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටක සිට ඉහළ මැදියම් ආදායම් රටක් බවට ශ්‍රේණිගත කෙරේ

Share Button

පහළ මැදි ආදායම් රටක සිට ඉහළ මැදියම් ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත. එම බැංකුව නිකුත් කළ ලෝකයේ රටවල ආදායම් අනුව කාණ්ඩ කිරීමේ නවතම ලේඛණයේ ඒ බව දැක්වෙයි. මෙහිදී ලෝකයේ සෑම රටක්ම ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ශ්‍රේණි ගත කර තිබේ. ඉහළ ආදායම්. ඉහළ මැදි ආදායම්. පහළ මැදි ආදායම් හා පහළ ආදායම් එම කාණ්ඩය. ඉන්පසු ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතයට අනුව ගණනය කිරීම සිදුවෙයි. ඊයේ වනවිට මෙරට ඒකපුද්ගල ආදායම ඩොලර් 4060 ක් බව ලෝක බැංකුව කියයි. ශ්‍රී ලංකාවට අමතරව කොසෝවෝ. ජෝර්ජියාව යන රටවල් ද ඉහළ මැදි ආදායම් ලබන රටවල් ලෙස උසස් කර තිබේ. ඊට අමතරව ආජන්ටිනාව ඉහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස පහළ ගොස් ඇත. සිම්බාබ්වේ රාජ්‍යය පහළ ආදායම් ලබන රටක සිට පහළ මැදි ආදායම් ලබන රටක් ලෙසට උසස් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *