මරණිය දණ්ඩනය අලුත් දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි

Share Button

මරණිය දණ්ඩනය අලුත් දෙයක් නොවන බවත්. එය මෙරට නීතියේ පවතින්නක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීය. එහෙත්. 1979 සිට මේ දක්වා කිසිදු ජනාධිපතිවරයෙකු එය භාවිතා කර නොමැත. රටේ මත්ද්‍රව්‍ය පිළිබඳව විශාල අර්බුදයක් පවති. එය මර්දනය කිරීමේ දැඩි අවශ්‍යතාව මතුව තිබේ. ඇමෙරිකාව. සිංගප්පුරුව සහ ඉන්දියාව වැනි රටවල ද මරණ දඩුවම ක්‍රියාත්මකයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ජයසේකර මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවයි. නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා ගැනීමට ජනතාවට වගකීමක් තිබෙන බව ඔහු කීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *