බලපත්‍ර රහිතව ධාවනය කරන අන්තර් පලාත් මගී ප්‍රවාහන බස්රථ සදහා දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා ඉහලට

Share Button

බලපත්‍ර රහිතව ධාවනය කරන අන්තර් පලාත් මගී ප්‍රවාහන බස්රථ සදහා දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කෙරේ. දැනට බලපත්‍ර රහිතව බස්රථ 200 ක් පමණ ධාවනය කරන බව හදුනා ගෙන තිබේ. මෙය බලපත්‍ර සහිතව ධාවනයේ යෙදෙන බස් කර්මාන්තකරුවන්ට විශාල අසාධාරණයකි. බලපත්‍ර රහිතව වැඩිපුර බස්රථ සංඛ්‍යාවක් ධාවනය කෙරෙන්නේ යාපනය සහ කොළඹ අතරය. ඔවුන් ප්‍රධාන බස්නැවතුම්පොලවලට බස්රථ ඇතුලත් නොකර වැල්ලවත්ත. කොටහේන. මරදාන. දෙහිවල සහ කොල්ලුපිටිය ආදි ස්ථානවලින් බස් ධාවනය ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලවආරච්චි මහතා පවසයි. මේ පිළිබඳව පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබි තිබේ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන පනතට සංශෝධනයක්ද ඉදිරිපත් කෙරේ. මීට අදාලව දැනට තිබෙන දඩ මුදල රුපියල් දෙලක්ෂ පනස් දහසකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *