දැනට කෙරෙන සියලු සංවර්ධන වැඩසටහන් ඔක්තෝම්බර් වනවිට අවසන් කරන බව අගමැති කියයි

Share Button

මේ වසර ආරම්භයේ සිටම සියලු ව්‍යාපෘති අතරමග නතර නොවි අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට හැකිවු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉදිරි මාස කිහිපයේදී රටේ සංවර්ධනයේ වේගය තවත් වැඩි කෙරේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සමෘද්ධි නිවාස වාසනා ලොතරැයි දිනුම් ඇදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සැප්තැම්බර් ඔක්තෝම්බර් වනවිට දැනට කෙරෙන සියලු සංවර්ධන වැඩසටහන් සාර්ථකව අවසන් කරන ලෙස තමා අමාත්‍යවරුන්ට දැනුම්දී ඇතැයි අගමැතිවරයා කීවේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය දයා ගමගේ මහතා සදහන් කළේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිටම ක්‍රියා කලේ නැතිබැරි අය ඇති හැකි අය බවට පත්කිරීමට බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *