හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර අත්අඩංගුවට

Share Button

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබුනි. එහෙත්. දෙදෙනාම හදිසියේ රෝහල් ගතවීම නිසා එම ප්‍රකාශය ලබා ගැනීමට නොහැකි විය. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකය වෙත ගිය රහස් පොලිස් නිලධාරින් එහිදී හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් අතර නාරාහේන්පිට පොලිස් රෝහලේ දී පුජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා ඊයේ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට යලි උපදෙස් ලබා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *