ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රෝහිත් ෂර්මාගෙන් තවත් ශතකයක්

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය දැන් එජ්බැස්ටන් හිදී පැවැත්වේ. මුලින් පන්දුවට පහරදෙන ඉන්දිය කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර 37 ක් අවසානයේ කඩුඵ 02 ක් දැවී ලකුණු 237 ක් රැස්කරගෙන සිටියේය. රෝහිත් ෂර්මා ලකුණු 104 ක් රැස් කළේය. ඔහු මෙම තරගාවලියේදී රැස්කළ සිව්වන ශතකය මෙයයි. ඒ අනුව තරගාවලියේ මේ දක්වා ලකුණු 544 ක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට ඔහු සමත්ව සිටි. ලෝකේෂ් රාහුල් ලකුණු 77 යි. මෙම තරගය ජයගතහොත් ඉන්දියාවේ ලකුණු සංඛ්‍යාව 13 ක් දක්වා ඉහල යන අතර. බංග්ලාදේශයට අවසන් පුර්ව තරගය සදහා පැමිණිමේ බලාපොරොත්තු අවසන් වනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *