වකුගඩු රුධිර කාන්දුකරණ ක්‍රියාවලිය නිවසේදිම සිදුකරගැනිමට පහසුකම්

Share Button

වකුගඩු රෝගින් සදහා රුධිර කාන්දු පෙරණ ක්‍රියාවලිය නිවසේදිම සිදු කර ගැනිමට පහසුකම් සැලසිමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට රජය සුදානම් වෙයි. මේ වසරේ අයවැය මගින් මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇත. අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර සාකච්ඡා කමිටුවේ නිර්දේශය පරිදි මෙම ව්‍යාපෘතිය මගින් එක් රෝගියෙකු සදහා මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කිරිමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා ලුසෙන්සියා හෙල්ත් කෙයාර් පුද්ගලික සමාගම සමග වසර 08 ක කාලයක් වෙනුවෙන් ගිවිසුමකට එළඹිමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි. ඒ සදහා සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබි තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *