ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්පුර්ව වටයේ කණ්ඩායම් දැන් පැහැදිලි තත්ත්වයක

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දිය කොදෙව් අතර තරගය අද ලීඩ්ස්හිදී පැවැත්වේ. ඇෆ්ගනිස්ථානය මේ දක්වා කිසිදු තරගයක් ජයගෙන නොමැති නිසා කොදෙව්වන් සමග තරගය ඔවුන්ට වඩාත් තීරණාත්මක වනු ඇත. කණ්ඩායම් දෙකම මේ වනවිට තරගාවලියෙන් ඉවත්ව ඇත. ඊයේ තරගයෙන් නවසිලන්තය හමුවේ එංගලන්තය ජයගත් බැවින් ඔව්හු අවසන්පුර්ව තරගයට සුදුසුකම් ලැබුහ. එංගලන්තය අවසන්පුර්ව තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 27 කට පසුවය. මේ වනවිට ඔස්ට්‍රෙිලියාව තරග 08 කට සහභාගිවී ලකුණු 14 ක් ලබා පෙරමුණ ගෙන සිටි. ඉන්දියාව තරග 08 කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 13 කි. එම රටවල් දෙකටම තවත් තරගය බැගින් ඉතිරිව පවති. එංගලන්තය සහ නවසිලන්තය තරග සියල්ලටම මුහුණදී අවසන්ය. එහිදී එංගලන්තය තරග 09 කදී ලකුණු 12 ක් ලබා තුන්වන ස්ථානයේ සිටින අතර නවසිලන්තය තරග 09 කදී ලකුණු 11 ක් ලබා සිව්වන ස්ථානයේ පසුවෙයි. පස්වන ස්ථානයේ සිටින පාකිස්ථානය තරග 08 කදී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 09 කි. ඔවුන්ට තවත් තරගයක් ඉතිරිව ඇති බැවින් එම තරගය ජයගතහොත් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 11 ක් වනු ඇත. කෙසේ වුවත් නවසිලන්තයේ ලකුණු ලබා ගැනීමේ වේගය පකිස්ථානයට වඩා ඉතා ඉහල බැවින් මේ වනවිට අවසන්පුර්ව වටයේ සිව්වන ස්ථානය හිමිකර ගැනීමේ වැඩි අවස්ථාව නවසිලන්තය සතුය. ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේ සිටින්නේ තරග 08 කදී ලකුණු 08 ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකාවට තවත් තරගයක් ඉතිරිව පැවතියත් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *