රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල වැඩසටහනේදී පුද්ගලයින් 63 දහසකට ප්‍රතිලාභ

Share Button

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ තුන්වන දිනය නිමා වනවිට ව්‍යාපෘති 725 ක් ක්‍රියාත්මක කර තිබුනි. ඉන් ප්‍රතිලාභ ලැබු සංඛ්‍යාව 63 දහසකට වැඩිය. වැය කළ මුදල රුපියල් මිලියන 32 කි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් මෙම වැඩසටහනේ පස්වැන්න මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. මෙම වැඩසටහනේ සමාප්තිය ලබන 06 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බිබිල ක්‍රිඩාංගනයේදී පැවැත්වේ. එහිදී මෙම සතියපුරා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනයක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *