වතු සේවකයන්ගේ දිනක වැටුපට රුපියල් 50 ක දීමනාවක්
වතු සේවකයන්ගේ දිනක වැටුපට රුපියල් 50ක දීමනාවක් ලබාදීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. එළඹෙන සතියේදී ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට වතුකරයේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කටයුතු කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
අපටම අයිති ඉඩමක් අපටම අයිති නිවසක් තේමාව යටතේ ඉදිකළ නිවාස 8 දහස් 133 ක් මේ වන විට වතු සේවකයන්ගේ අයිතියට පවරා ඇත. ඉන්දියානු රජයේ සහායෙන් නිවාස 14 දහසක් ඉදිකෙරේ. 2020 වසර වන විට නිවාස 25 දහසක් වතු සේවක අයිතියට පැවරීම අරමුණයි.