ගෝඨාභව රාජපක්‍ෂ මහතා අත්සන් තැබු එට්කා ගිවිසුම කිසිදු වෙනසකින් තොරව ඉදිරියට ගෙන යන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි

Share Button

ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්සන් තැබු එට්කා ගිවිසුම කිසිදු වෙනස් කිරීමකින් තොරව ඉදිරියට ගෙන යන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසය. ආණ්ඩුව ඉදිරිපත් කරන ගිවිසුම් සදහා විරුද්ධවීම විපක්‍ෂයේ සාමාන්‍ය පිළිවෙත බව ඔහු පැවසුවේ මල්වතුපාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ අද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි. වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොව දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙනී සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ යුරෝපා සංගමයේ උපකාර සහිතව හම්බන්තොට දිස්ත්‍රික් රෝහල නවීන රෝහලක් බවට පත්කිරිමට කටයුතු කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *