අමෙරිකා හමුදාවන්ට මෙරටට පැමිණ කඳවුරු බැදීමට හැකියාව ලැබෙන ගිවිසුමකට එළඹී ඇති බවට එල්ල වන චෝදනා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි
අමෙරිකා එක්සත් ජනපද යුද හමුදාවට මෙරටට පැමිණීමට හා මෙරටේ කදවුරු බැදීමට හැකියාව ලැබෙන ගිවිසුමකට රජය එළඹී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය හා ඇතැම් පිරිස් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. ජාතික ආරක්ෂාවට බලපෑමක් වන හා අවාසීදායක තත්ව ඇතිවන ගිවිසුම් අත්සන් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.