ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට රජයේ තිරණයක්

Share Button

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට රජය තිරණය කරයි. පසුගියදා රැස්වු ජීවන වියදම් කමිටුව එම තිරණය ගෙන තිබේ. මලික් සමරවික්‍රම. රිෂාඩ් බදියුදින්. මහින්ද අමරවිර. විජිත් විජයමුණි සොයිසා යන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්විය. ලෝක වෙළූඳපොලේ වත්මන් මිල ගනන්වලට අනුව දේශිය වෙළඳපලේ ගැස් මිල නියම කෙරේ.

ජීවන වියදම් කමිටුව මිල පහත දැමීමට තීරණය කර ඇත්තේ ඒ අනුව බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග මහත්මිය ජාතික ගුවන් විදුලියට පැවසුවාය. පාරිභෝගික අධිකාරිය ඉදිරි දින කිහිපය තුල ගෑස් සිලින්ඩරයක නව මිල ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *